සංචාරක ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම නම්කර තිබෙනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ නායකයා ලෙස නිපුන් ධනංජය නම්කර තිබෙනවා. සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. ඒ සදහා උප නායකයෙක් නම් නොකිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම හා ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය හෙට(03) කොළඹ පී සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතයි. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් හා තුන්දින තරගයක් ද පැවැත්වීමට නියමිතයි.