fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තය සමඟ සටනට සූදානම් – ශ්‍රී ලංකා ක්‍රිකට්

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 12:38

නවසීලන්තය සමඟ සටනට සූදානම් – ශ්‍රී ලංකා ක්‍රිකට්

නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හොද සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ විශේෂ පුහුණු සැසියකට එක්වුණා. සංචිතයට නම්කර සිටි ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වුවද මෙතෙක් නිල වශයෙන් ආදේශක ක්‍රීඩකයෙක් නම්කර නැහැ. කෙසේ වෙතත් සධීර සමරවික්‍රම කණ්ඩායම සමගින් එක්වීමට නවසීලන්තයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දෙරට අතර පළමු එක්දින තරගය දිවාරාත්‍රී තරගයක් ලෙස මෙරට වේලාවෙන් හෙට උදෑසන 6.30ට ආරම්භවීමට නියමිතයි. තරගාවලියට එක්දින තරග තුනක් හා පන්දුවාර 20-20 තරගයක් ඇතුළත්. දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 12:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්