fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රසීලයේ නව ජනපති දිවුරුම් දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 13:36

බ්‍රසීලයේ නව ජනපති දිවුරුම් දෙයි

බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස ජායිර් බොල්සොනාරෝ දිවුරුම් දුන්නා.

ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින් ඔහු සදහන් කළේ බ්‍රසීලය පුරා පවතින දූෂණ සහ අපරාධ රැල්ල කඩිනමින් මැඩපැවැත්වීම සදහා කටයුතු කරන බවයි.  එරට 38 වන ජනාධිපතිවරයා ලෙස බොල්සොනාරෝ ඉදිරි වසර 4 ක කාලය සදහා බ්‍රසීලයේ ජනපති ධුරය හොබවනු ඇති. ලතින් ඇමෙරිකාවේ දැවැන්තම රාජ්‍යය වන බ්‍රසීලයේ දූෂණ, වංචා සහ අපරාධවලට වැට බදිමින් රට මේ වනවිට පත්ව තිබෙන දරුණු ආර්ථික පරිහානියෙන් ගොඩගැනීමට කටයුතු කරන බව බොල්සොනාරෝ වැඩිදුරටත් කියාසිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 13:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්