ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. උඩුගම, ගලේවෙල, කොටදෙණියාව, මීගමුව, කිලිනොච්චිය, හංවැල්ල සහ මොරගහහේන යන ප්රදේශවලදීයි එම අනතුරු සිදුව ඇත්තේ. මින් දෙදෙනෙකුම මියගොස් තිබෙන්නේ කොටදෙණියාව ප්රදේශයේදී ඊයේ රාත්රියේ සිදු වූ රිය අනතුරකිනුයි.
ගලේවෙල ප්රදේශයේ සිදු වූ රිය අනතුරෙන් මියගොස් ඇත්තේ ගලේවෙල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් වරයෙක්. දඹුල්ල ගලේවෙල ප්රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්රදේශයේදීයි අනතුර සිදු වුණේ. පොලිස් සැරයන්වරයා පැද වූ යතුරුපැදිය මාර්ගයේ නවතා තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ සැරයන්වරයා ගලේවෙල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ.