තලෙයිබාන් සංවිධානය එල්ල කල ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයන් 21 දෙනෙක් මිය ගියා.
උතුරු දිග ඇෆ්ගිනිස්ථානයේ දෙපාර්ශවය අතර හටගත් ගැටුම්වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඒ අතර බුද්ධි අංශ සාමාජිකයන් ද වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අවස්ථා කිහිපයකදිම එම ප්‍රදේශයේදී දෙපාර්ශවය අතර ගැටුම් හටගෙන තිබෙනවා.