පොදු ජනතාවගේ ආර්ථික තත්ත්වය සහ ජීවන මට්ටම ඉහළට ගෙන ඒමට දිරිදෙමින් ගමත් නගරයත් එක සේ දියුණු කරන යෝජනා ඇතුළත් අයවැයක් සකස් කිරීමට අදාළ යෝජනාව ඇමති මණ්ඩල අනුමැතිය සදහා අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර නව වසරේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීමත් අදයි.
දිළිදුකමින් පීඩාවට පත්ව දුක් විදින ජනතාව ඉන් මුදාගෙන ආර්ථික හා සාමාජීය ලෙස බලගැන්වීමට මගපාදන ජනතාවාදී යෝජනාවලියකින් මෙවර අයවැය සමන්විත වනු ඇති. දේශීය නව නිෂ්පාදන ජාත්‍යන්තර තලයට ගෙන යාමට උර දෙන යෝජනා ඊට ඇතුළත් වනු ඇතැයි යන්න විශ්වාසයයි. දුප්පත්කමින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කැප වන හා දිරි දෙන යෝජනා සමග ජනතා සහභාගීත්වයෙන් රටේ යටිතල පහසුකම් ඉහළ නංවන පුළුල් හා කඩිනම් වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ගෙන එනු ඇති. රජයේ නව අය වැය ලබන මස අග හෝ මාර්තු මස මුලදී ඉදිරිපත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.