උසස් පෙළ විභාග සහතික අද සිට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.
දේශීය හා විදේශීය උසස් අධ්‍යාපනය වෙනුවෙන් මෙවර විභාග ප්‍රතිඵල අඩංගු සහතික කඩිනමින් ලබාදීමයි එහි අරමුණ. සහතික සාමාන්‍ය සේවය යටතේ හෝ එක්දින සේවය යටතේ ලබාගැනිමේ පහසුකම් සළසා තිබෙනවා. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අපේක්ෂකයන් එක් ලක්ෂ හැට හත් දහස් නවසිය හත් දෙනෙක් සුදුසුකම් ලැබුවා.