ඖෂධ හිගය කඩිනමින් විසඳීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබෛනවා. මේ වන විට ඖෂධ අසූවක පමණ හිගයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. මෙම ඖෂධ වර්ග කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියලු අංශවලට උපදෙස් ලබා දුන්නා. රටේ පැවති දේශපාලන වාතාවරණය හමුවේ ප්‍රසම්පාදන කටයුතු ඇණ හිටීමෙන් ඖෂධ ගෙන්වීම පමා වූ බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් තොරතුරු හෙළි කර ඇත්තේ.