fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරක නිමාව…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 15:14

වසරක නිමාව…

වසරක නිමාව සනිටුහන් වෙන්නටත් නව වසරත් උදා වෙන්නටත් පැය කීපයක් පමණක් තිබිය දී නිවෙස් කඩසාප්පු පමණක් නෙවෙයි පොදු ස්ථාන මහා මාර්ග පවා මංගල සිරියක් උසුලන බව නම් නොරහසක්. අලංකාර සැරසිලිවලින් හැඩගන්වන නව වසරේ මිහිර විඳින්නට ආගම් භේදයකින් තොරව සෑම දෙනාම කටයුතු කරනවා.

ජීවිතයේ ඇතැම් අවස්ථා වින්දනය කරන්නට ආදායම සහ අත මිට ඇති මුදල් තත්ත්වය බාධාවක් වෙන අවස්ථා නැතුවා නොවෙයි. නමුත් නව වසරේ හෝ වෙනත් ඕනෑම උත්සවයක් හෝ හිතේ හැටියට සමරන්නට අපි කවුරුත් කැමතියි.

ශ්‍රී ලාංකිකයන් ලෙස සිංහල හා හින්දු අපි නව වසර උදාව අප්‍රේල් මාසයේ දී සැමරුවත් බටහිර රටවල් ඇතුළු ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක් නව වසර උදාව සමරන්නේ දෙසැම්බර් මස 31 වැනි දින මධ්‍යම රාත්‍රියේ දි යි. චන්ද්‍ර කැලැන්ඩරයට අනුව සාමාන්‍යයෙන් නව වසර උදාවෙන්නේ ජනවාරි 21 හා පෙබරවාරි 20 අතර කාලයේ දී යි.

උදාවන 2019 වසරේ චීන නව වසර ආරම්භ වන්නේ පෙබරවාරි මස 16 වැනි දිනයි. ජනවාරි මස 28න් ආරම්භ වන නව වසර සඳහා සූදානම් වීමට පවත්වන උත්සව නිම වන්නේ නව වසර උදාවීමත් සමඟ යි. වර්තමානය වන විට චීනයේ පමණක් නොව බටහිර රටවල පවා අවධානය චීන නව අවුරුදු උදාව වෙත යොමුවෙමින් පවතිනවා. ඒ එය අලංකාර උත්සවයක් නිසාත් ජ්‍යොතිෂය හා එය බැඳී තිබීමත් නිසයි.

චීන රාශි චක්‍රයට සතුන් 12 දෙනකු ඇතුළත් වන අතර එක් වසරකට එක් සතකු බැගින් පිළි‍ෙවළින් වෙන් කර තිබෙනවා. එම සතුන් වන්නේ මීයා, ගවයා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, බල්ලා හා ඌරා යි. මේ අතරින් උදාවන 2019 වර්ෂය අයත් වන්නේ ඌරාටයි. ඌරාට අයත් වර්ෂවල ඉපදෙන පුද්ගලයන් විනෝදයෙන් ජීවිතය ගත කරන අතර උනන්දුවෙන් හා ශක්තියෙන් වැඩි පුද්ගලයන් ලෙසින් හඳුන්වනවා.

චීන නව අවුරුදු උදාව සැමරීම සඳහා පවත්වන උත්සව අතුරින් ‘පහන් කූඩු උත්සවය’ ප්‍රමුඛත්වයක් ගනු ලබනවා. 2019 වසරේ පෙබරවාරි මස 19වැනි දින ආරම්භ වන මෙම උත්සවය දින 15ක් පුරා පැවැත්වෙන අලුත් අවුරුදු සැමරීම් අතරට එක් වෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලාංකික අපට දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන වසරින් පසු ජනවාරි 01 වැනිදා ආරම්භ වන නව වසර සෞභාග්‍යමත්  නව වසරක් ලෙස පිළිගන්නවා…

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්