විදුලි පේනු සහ කෙවෙනි සදහා හදුන්වාදුන් නව ප්රමිතීන් හෙට සිට ක්රියාත්මක බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා.
ඒ අනුව හෙට සිට අලෙවිකළ හැක්කේ සහ මිලදී ගත යුත්තේ එම ප්රමිතීන්ට අනුකූල පේනු සහ කෙවෙනි පමණක් වනවා. විශේෂයෙන් කොටු ප්ලග් මේ අනුව භාවිතයට ගැනෙනවා. නිවාස හෝ වෙනත් ගොඩනැගිලිවල දැනට භාවිත පේනු සහ කෙවෙනි ඉවත් කළ යුතු නැහැ. එහෙත් අලුතෙන් මිලදී ගැනීමේ දී සහ සවිකිරීමේ දී නව ප්රමිතීන්ට අනුකූලව එය සිදුකළ යුතු වනවා. විදුලි අනතුරු අවම කර ගැනීමේ අරමුණෙනුයි විදුලි පේනු සහ කෙවෙනි සදහා නව ප්රමිතීන් හදුන්වා දී ඇත්තේ.