ගාල්ල නගරයේ රිය අනතුරකින් අට දෙනෙකුට තුවාල
Related Articles
ගාල්ල නගරයේ සිදුවූ රිය අනතුරකින් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ගාල්ල මාතර ප්රධාන මාර්ගයේදීයි අනතුර සිදුවුණේ. මාතර දෙසින් වැරදි මංතීරුවේ වේගයෙන් පැමිණි ලොරි රථයක් මාතර දෙසට ධාවනයවූ වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. තුවාල ලැබූවේ වෑන් රථයේ සිටි පිරිසයි. වෑන් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. තුවාල කරුවන් අතර කුඩා දරුවන් තුන් දෙනෙකු ද වනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.