බස් ගාස්තු අඩු කිරීමේ සහනය ජනතාවට ලබා නොදෙන බස් රථ සොයා වැටලීම් සිදු කෙරෙන බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසනවා.
බස්ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට සියලු බස් සංගම් දැනුවත් කිරිමට පියවර ගෙන තිබෙනවා. ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්ෂව බස් ගාස්තු 4%කින් අඩු කිරීමට තීරණය කෙරුණා. මෙම ප්රතිලාභය මගී ජනතාවට ලබා නොදෙන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 1955 දුරකතන අංකයට එම පැමිණිලි යොමුකළ හැකියි.