fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය කල් යයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 11:05

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය කල් යයි

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල්ගොස් තිබෙනවා. නිලවරණය  පැවැත්වීම සදහා පැවති මහසභා රැස්වීමේදීයී මෙම තීරණය ගෙන ඇත්තේ.

කොළඹ සී.ආර්.ඇන්ඩ්.එෆ්සී. ක්‍රීඩා සමාජ ශ්‍රවනාගාරයේ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ මහ සභා රැස්වීම ඊයේ පැවැත්වුණා. එහිදී සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ. මීට පෙර නිලවරණය සදහා නාම යෝජනා කැදවා තිබෙනවා. එහිදී සභාපති ධුරය සදහා නීතිඥ  මොහාන් විජේසිංහ හා ක්ලැරන්ස් හෝමර් යන මහත්වරුන් ඉදිරිපත්ව සිටියා. නිලවරණයේ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 24 ක්. කෙසේ වෙතත් නව ව්‍යවස්ථාව යටතේ යළි නාමයෝජනා කැදවා  නිලවරණය පැවැත්වීම සදහා දින නියමයක් නොමැතිව එය කල් තැබීමටයි කටයුතු යොදා ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 11:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්