ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාම යෝජනාවලට එරෙහිව විරෝධතා යොමු කිරිමට ලබාදුන් කාලය පස්වරුවේ අවසන් වනවා.
පසුගිය 28 වනදා වනවිට නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා තුනක් ඉදිරිපත්ව තිබුණා. විරෝධතා සළකා බැලීම හෙට සහ අනිද්දා සිදුකිරිමට නියමිතයි. ඒ ශ්රී ලංකා ක්රිකට් නිලවරණ කමිටුව මගින්. ක්රිකට් නිලවරණය ලබන පෙබරවාරි මාසයේ පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.