fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CHEAT INDIA අධ්‍යාපන ක්‍රමයට අභියෝගයක්ද?

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 18:06

CHEAT INDIA අධ්‍යාපන ක්‍රමයට අභියෝගයක්ද?

ඉන්දීය අධ්‍යාපන ක්‍රමය පසුබිම් කර ගනිමින් නිර්මාණය වී තිබෙන “Cheat India  චිත්‍රපටය සෞමින් සෙන්ගේ අධ්‍යක්ෂණයක්.  දැනට පවතින අධ්‍යාපන ක්‍රමයේ සිදුවන අවුල් සහගත දේ මෙන්ම පවතින විභාග ක්‍රම පිළිබඳ මේ සිනමාපටය ඔස්සේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. එම වැරදි, අඩුපාඩු කවුරුන් විසින් හෝ පෙන්වා දිය යුතු බවත් දැනට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රායෝගිකත්වය නොතිබීම විශාල අඩුපාඩුවක් බවත් මෙමඟින් පෙන්වා දෙන බවත් මෙහි නිෂ්පාදක වන බොලිවුඩ් නළු ඉම්රාන්  හෂ්මි මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

“Cheat India  චිත්‍රපටය රචනාකර තිබෙන්නේ ද සෞමින් සෙන් විසිනුයි. ඉම්රාන් හෂ්මි සමඟින් ශ්‍රෙයා ධන්වන්ත්‍රි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මෙය ශ්‍රෙයාගේ කුළුඳුල් බොලිවුඩ් රංගනය යි. 2019 වසරේ ජනවාරි මාසයේදී “Cheat India  චිත්‍රපටය තිරගත කිරීමට නියමිත අතර මෙය හින්දි සිනමා රසිකයන්ගේ මෙන්ම විචාරකයන්ගේ වැඩි අවධානයට ලක්වන සිනමාපටයක් වනු ඇත.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 18:06

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්