fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුහුරු හැදුනුම්පත් නිකුත් කිරීම හෙට සිට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 13:12

සුහුරු හැදුනුම්පත් නිකුත් කිරීම හෙට සිට

හෙට(31) සිට සුහුරු ජාතික හැදුනුම්පත් නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. පසුගිය දෙසැම්බර් 17 වෙනිදා සිට සිදුකළ අත්හදා බැලීම සාර්ථක බවයි කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පෙන්වාදෙන්නේ.

ඡායාරූප ලබාගැනීම සඳහා දිවයින පුරා ඡායාරූප ශාලා 2100 ක් ලියාපදිංචි කර තිබෙනවා. ඉන් ලබාගන්නා ඡායාරූප විද්්‍යුත් තැපෑල මගින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කිරීමයි සැලසුම. නව ක‍්‍රමය මගින් හැදුනුම්පත් සඳහා විකෘත කළ හෝ වැරදි ඡායාරූප ඇතුලත් කිරීම සීමා වන බව ද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 13:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්