fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ දෙවන ටෙස්ට් තරඟය නවසීලන්තය ජයගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 09:01

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ දෙවන ටෙස්ට් තරඟය නවසීලන්තය ජයගනී

ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය ලකුණු 423 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී නවසීලන්ත කණ්ඩායම ලකුණු 178 ක් රැස්කළා. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී පළමු ඉනිම වෙනුවෙන් රැස්කළේ ලකුණු 104 ක් පමණයි. දෙවන ඉනිම වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව 585 ක්. ශ්‍රී‍්‍ර ලංකාවට සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 236 ක් පමණයි.

මේ අතර පාදයේ ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා. පරීක්ෂණයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් තරඟාවලියට යළි සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබදව තීරණය කරන බවයි ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරු ප‍්‍රකාශ කළේ. කලවා ප‍්‍රදේශයේ ඇති වන මෙම ආබාධ තත්වය හේතුවෙන් මැතිව්ස්ට පසුගිය වසර දෙකක කාලය තුළ තරඟාවලි කිහිපයක් අහිමිවුණා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 09:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්