fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුසල් හා චන්දිමාල් ගෙන් අර්ධ ශතක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 11:27

කුසල් හා චන්දිමාල් ගෙන් අර්ධ ශතක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම  අතර ක්‍රයිස්චර්ස් හි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(29)යි. ලකුණු 660ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ක්‍රිඩකයින් අද(29) දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 231ක් රැස් කර ගැනීමට සමත්වුණා.

නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ දිල්රුවන් පෙරේරා හා සුරංග ලක්මාල්. ශ්‍රී ලංකා දෙවන  ඉනිම වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා. ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තේ පානයෙන් පසුව පන්දුවට පහර දීමට පැමිණියේ නැහැ.  ඒ වන විට ඔහු ලකුණු 22ක් රැස් කර ගෙන සිටියා. නවසීලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 178 ක් රැස්කළ අතර දෙවන ඉනිමට කඩුළු 4ක් පමණක් දැවී ලකුණු පන්සිය අසූපහක් රැස් කළා. ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා රැස් කළේ ලකුණු 104ක් පමණයි.  හෙට (30) තරගයේ අවසන් දිනයයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 11:27

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්