ඉදිරියේදී ඇති විය හැකි ඩෙංගු වසංගත තත්වය වළක්වා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කළයුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වාදෙනවා.
ජනවාරි සහ පෙබරවාරි මාසවල මෙම අවදානම පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
නව පාසල් වාරය ආරම්භවීමට පෙර සියලු පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීම ඉතා වැදගත්.
සතියකට වරක් හෝ තම වටපිටාව ආශි‍්‍රතව ඇති මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අවශ්‍ය තාක්ෂණික කරුණු සහ සෞඛ්‍ය තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබාගන්නා ලෙස ද ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.