Life+News The Official News Portal of Independent Television Network Ltd

පෙබරවාරි අවසන් වනතුරු වවුචර් මගින් පාසල් නිල ඇඳුම් ලබාගැනීමට අවස්ථාව

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 09:17

පෙබරවාරි අවසන් වනතුරු වවුචර් මගින් පාසල් නිල ඇඳුම් ලබාගැනීමට අවස්ථාව

ලබන වසර සඳහා වන පාසල් නිල ඇඳුම් පෙබරවාරී 28 වෙනිදා දක්වා ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා.

වවුචර් පත් මේ වනවිටත් සියලු පාසල් වෙත යොමුකර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

තිළිණපත් වලින් නිල ඇඳුම් මිලදී ගැනීමේදී කිසිදු බලපෑමක් සිදුනොකර අදාළ චක‍්‍රලේඛයට අනුව කටයුතු කරන්නැයි අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා.

ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළෙද ආයතන ප‍්‍රවර්ධනය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

එවැනි කටයුතුවල නිරත වන්නන්ට එරෙහිව පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 09:17
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්