fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් නිල ඇදුම් වවුචර අක‍්‍රමිකතා වැලැක්වීමට දැඩි පියවර

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 17:07

පාසල් නිල ඇදුම් වවුචර අක‍්‍රමිකතා වැලැක්වීමට දැඩි පියවර

තිලිණපත්වලින් නිල ඇදුම් මිලදී ගැනීමේදී පාසල් දරු දැරියන්ට කිසිදු බලපෑමක් නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළා. නිකුත් කර ඇති චක‍්‍රලේඛයට අනුව කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට සහ නිලධාරින්ට දැනුම්දී තිබෙන්නේ.

ඇතැම් නිලධාරින් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළෙද ආයතන ප‍්‍රවර්ධනය කරන බවට සහ දෙමාපියන් වෙත බලපෑම් කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. කිසිදු බලපෑමකින් තොරව දෙමාපියන් සහ ළමුන්ගේ කැමැත්ත මත නිල ඇදුම් මිලදී ගැනීමට අවස්ථාව ලබාදිය යුතු වනවා. ව්‍යාපාරිකයන් පාසලට කැදවීම හෝ නම්කළ ව්‍යාපාරිකයන්ගෙන් නිල ඇදුම් මිලදී ගැනීමට ළමුන් පෙළඹවීම නොකළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඍජුව හෝ වක‍්‍රව නිල ඇදුම් මිලදී ගැනීමට කිසිදු නිලධාරියෙකු මැදිහත් නොවිය යුතු බවත්, අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ප‍්‍රකාශ කළා. මෙම කොන්දේසි කඩකළ හොත් එවැනි නිලධාරීන්ට එරෙහිව විනයානුකුලව පියවර ගැනීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 17:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්