ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය යහපත් බැවින් එහි සංචාරය කිරීම සුදුසු බව කැනඩා රජය පවසනවා.
පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වයත් සමග කැනඩා සංචාරකයන් සදහා එරට රජය උපදෙස් මාලාවක් නිකුත්කර තිබුණා. මාසයකට අධික කාලයක් පැවති එම අස්ථාවරත්වය අවසන් වීමත් සමග අදාළ උපදෙස් මාලාව ඉවත් කිරීමට පියවර ගත් බව කැනඩා විදේශ අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට සාමකාමී යහපත් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවයි කැනඩා විදේශ අමාත්‍යාංශය පවසන්නේ.