නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී හෝ පවත්නා ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමේදී බෞද්ධාගමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය අකුරකින් හෝ වෙනස් නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
පළමුවෙන් අස්ගිරි මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. අස්ගිරි මහාවිහාරයීය කාරක සංඝ සභික මුතියංගන රජමහා විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ ද මැතිඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණියා. එහිදී මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව රතු පලස් මගින් කැඳවාගෙන එනු ලැබුවා. දළදා මාලිය වෙත පිවිසෙන වාහල්කඩ අභියස දී අග්‍රාමාත්‍යවරයා පිළිගත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතායි. සිව්මහා දේවාල නිලමේවරුන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියා. දළදා මාලිගය වෙත පිවිසි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දළදා මාලිගයේ විශේෂ අමුත්තන්ගේ කුටියේ දී සමරු සටහනක්ද තැබුවා. අනතුරුව දළදා සමිදුන් වන්දනාමාන කර ආශිර්වාද ලබාගත්තා.
අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OUc-e-mx718″]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාරයේ පැවති දානමය පිංකමකටද සහභාගී වුණා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවන්ට සහභාගී වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/12/49165514_283094222401449_5588712282797375488_o.jpg”]