fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් වාරණ නියෝගයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 13:11

දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් වාරණ නියෝගයක්

දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා.

දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ නිලවරණය අනිද්දා දකුණු පළාත් ක්‍රිකට් සංගම් මූලස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් ක්‍රමානුකූල විගනනයක් පවත්වා නැති බව පවසමින් මෙම නිලවරණය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කෙරුණා.  එහිදී ඉදිරිපත් වූ කරුණු  සැලකිල්ලට ගත් අධිකරණය නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් වාරණ නියෝගයක් ලබා දුන්නා. එමෙන්ම තවදුරටත් සාක්ෂි සහිතව  පැමිණිල්ලක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඉදිරිපත් කරන බව ද පැමිණිලිකාර පාර්ශ්වය මෙහිදී ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 13:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්