fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දූෂිත දේශපාලනඥයන්ගේ”තිත්ත ඇත්ත”ලඟදීම කරළියට…

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 12:53

දූෂිත දේශපාලනඥයන්ගේ”තිත්ත ඇත්ත”ලඟදීම කරළියට…

ප්‍රකට සිනමා නිෂ්පාදකවරයකු වන ප්‍රීතිරාජ් වීරරත්න මෙවර සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස එළිදක්වන ප්‍රථම සිනමාපටය වන්නේ තිත්ත ඇත්ත සිනමාපටයයි. දූෂිත දේශපාලනඥයෙකුගේ ක්‍රියාකලාපයක්  ඇසුරෙන් තිත්ත ඇත්තහි තිරකතාව රචනාකර තිබෙන්නේද ප්‍රීතිරාජ් විසින්මය. තිත්ත ඇත්ත සිනමාපටයේ විශේෂ දර්ශනයක්  ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණා.

සනත් ගුණතිලක, ටෙනිසන් කුරේ, විල්සන් කරු, දොන් ගයි, රජිත හිරාන් චාමිකර, සුසිලා කෝට්ටගේ, චතුර පෙරේරා, නිල්මිණි කෝට්ටේගොඩ, උදය කුමාරි, ඩී. බී. ගංගොඩතැන්න, සැන්ඩෝ හැරිස්, කිරන් ඩී. සොයිසා, චතු චතුරංගනී, රවී උඩත්තාව, දිල්කි මිහිරාජ්, මධු ශානි ප්‍රදීපා වික්‍රමසිංහ, රහුල් රිෂික, සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා තිත්ත ඇත්ත සිනමාපටයට සම්බන්ධ වී සිටින නළු නිළි පිරිසයි.

තිත්ත ඇත්ත සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරයායා වන්නේ සජිත වීරප්පෙරුමයි.  මෙය ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයක්. ඉරාජ් වීරරත්න මෙම සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වෙයි. උභය දිසානායකගේ අංගරචනයෙන්ද සුරංජිත් බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන්ද අජිත් ප්‍රනාන්දුගෙ නිෂ්පාදන කළමනාකරණයෙන්ද, සුරේෂ් කුමාරසිංහ සහාය අධ්‍යක්ෂණයෙන්ද තිත්ත ඇත්ත සිනමාපටය හැඩ ගැන්වී තිබෙනවා.

දූෂිත දේශපාලනඥයෙකුගේ ක්‍රියාකලාපයක්  ඇසුරෙන් තිරයට ගෙන එන හාස්යෝත්පාදක සිනමාපටයක් වන තිත්ත ඇත්ත සිනමාපටය මෙරට සිනමාලෝලීන්ගේ නොමද ආකර්ෂණයට ලක්වන අපූරු නිර්මාණයක් වනු ඇත…

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 12:53

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්