සුඩාන උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අතර ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනෙක් සිටින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ. දින තුනක වැඩ වර්ජනයත් සමඟ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.