උතුරු පළාතේ ජන ජීවිතය මාස තුනක් ඇතුලත යථා තත්වයට පත්කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා විධිමත් වැඩපිලිවෙලක් කි‍්‍රයාත්මක බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.
මේ වනවිට උතුරු පළාතට බලපෑ අයහපත් කාලගුණ තත්වය පහව යමින් පවතිනවා. ආපදාවට පත්ව සුභ සාධන මධ්‍යස්ථානවල රැඳීසිටින පිරිසට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. සහන සැලසීමේ කටයුතු සඳහා ති‍්‍රවිධ හමුදාව මූලිකත්වය ගෙන තිබෙනවා. ආපදා තත්වයෙන් මේ වනවිට බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව තිස් හයදහස් පන්සිය අනූ හතරක්. පුද්ගලයන් එක් ලක්ෂ පහළොස් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. නිවාස පූර්ණ හානි 145 ක් වාර්තාවී තිබෙනවා. අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 3395 ක්.
පානීය ජල ළිං පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ඒ සඳහා සහන කණ්ඩායම් 15 ක් යොදවා තිබෙනවා.
ජල ගැලීම් වලින් ආපදාවට පත්වූ ප්‍රදේශවල ජනතාව බෝවන රෝග වලින් වළක්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. අවතැන්වූවන්ට තවත් ආහාර මළු තොගයක් බෙදාදීම හෙට සිදුකෙරෙනවා. ගංවතුරෙන් හානියට පත් ප්‍රදේශ නඟාසිටුවීම සඳහා ආණ්ඩුකාර සංසදය ද සහයෝගය පළකරන බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ප්‍රකාශ කළේ.