උතුරේ අවතැන් වූවන්ගේ සුවදුක් සොයා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උතුරේ සංචාරයක නිරත වනවා. අනතුරුව කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරන්නේ. උතුරේ අවතැන් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙනුයි එම සාකච්ඡාව පැවැත්වෙන්නේ.
උතුරේ ආපදා තත්ත්වය පහව යමින් පැවතියද ආපදාවට පත්වූවන් රැසක් තවමත් සුභසාධක මධ්‍යස්ථානවල රැදී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජය උපරිම පියවර ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් අනතුරුව එම කටයුතු වඩාත් විදිමත් වනු ඇති. ජල ගැලීම් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුවුයේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයටයි. අවතැන් වූවන් වෙත අහාර සහ අනෙකුත් සියලු පහසුකම් සැපයීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර ජලගැලීම්වලින් අවතැන්වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව සැපයීමට ලංකා සතොස ද පියවර ගෙන තිබෙනවා. අවතැන්වූවන්ට විධිමත් ලෙස සෞඛ්‍ය සේවා සැපයීමට ද කටයුතු කෙරෙනවා. දැනට උතුරු පළාතේ සෞඛ්‍ය කදවුරු විසිහයක් ස්ථාපනය කර තිබෙනවා. ප්‍රදේශයේ ළිං පිරිසිදු කිරීමේ කටයුතු නාවික හමුදාවේ මූලිකත්වයෙන් සිදුකෙරෙනවා. සෙසු සහන කටයුතු වලටල යුද හමුදාව මූලිකත්වය ගෙන කටයුතු කරනවා.
පවත්නා කාලගුණික තත්ත්ව අද දිනයේ සිට තරමක් යහපත් අතට පත්වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.