Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම තවදුරටත් ශක්තිමත් කිරිමට ජනපතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 16:00

මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම තවදුරටත් ශක්තිමත් කිරිමට ජනපතිගෙන් උපදෙස්

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

එමෙන්ම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස් දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව ගතවූ මාස 02 කට ආසන්න කාලය තුළ දී නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම් ඉතා ශක්තිමත් කර තිබෙන අතර එහි සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබේ.

2018 ජනවාරි 01 දා සිට සිට ඔක්තෝබර් 31 වනදා දක්වා මාස 10 ක කාලය තුළ දී අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් කි.ග්‍රෑම් 184.6 ක ප්‍රමාණයකි.

එහෙත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබන, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ විශේෂ වැඩසටහනට අනුව නොවැම්බර් 01 දා සිට මේ දක්වා මාස 02කට ආසන්න කාලය තුළ දී පමණක් හෙරොයින් කි.ග්‍රෑම් 280 ක් අඩඅංගුවට ගැනීමට හැකියාව ලැබී ඇති අතර අදාළ සැකකරුවන්ට නඩු පැවරීමට ද පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස 02 ක කාලය තුළ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සැකකරුවන් 15,530 ක් පමණ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කර ඇත.

මත්ද්‍රව්‍ය උවදුරෙන් මතු පරපුර නිදහස් කර ගැනීම උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණය සහ මර්දනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් මේ වන විට පුළුල් වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන අතර එම වැඩසටහන් ජනාධිපතිතුමා විසින් නිරතුරු පසුවිපරමට ලක් කරයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු ඉඩක් නොතබා එය මර්දනයට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වන අතර, එහි දී නීතිය කාර්යක්ෂමව සහ දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලතල අදාළ ආයතන සහ නිලධාරින් වෙත පවරාදීමට අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය ද මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කඩිනමින් සිදු වෙමින් පවතී.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 16:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්