ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ නවසීලන්ත දෙවන ඉනිම ආරම්භ වුණා.
ඒ අනුව මේ වන විට ඔවුන් කිසිවෙකු නොදැවී ලකුණු 71 ක් ලබා සිටිනවා. පළමු ඉනිම වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 178 ක් රැස්කළා. බ්රැඩ්ලි ජෝන් ලකුණු 46 යි. ටිම් සවුති ලකුණු 68 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 5 ක් දවාගැනීමට සමත්වුණා. ඒ ලකුණු 54 කදී. ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 104 ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 33 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ටේරන්ට් බෝල්ට් ලකුණු 30 කට කඩුලු 6 ක් දවාගැනීමටයි සමත්වුණේ. තරඟය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස් චර්ච් හිදී.