වානිජ කර්මාන්තයෙන් තල්මසුන් දඩයම් කිරීමට පනවා ඇති නීති ලිහිල් කිරීමට ජපානය තීරණය කළා.
ඒ අනුව ලබන වසරේ ජූලි මාසයේ සිට එය කි‍්‍රයාත්මක බවයි නිවේදනයක් නිකුත් කරමින් ජපන් රජය සඳහන් කළේ. මීට පෙර තල්මසුන් දඩයම් කිරිමට ජපානය අවසර ලබාදී තිබුණ ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානවල විරෝධතා හේතුවෙන් එය අත්හිටුවනු ලැබුවා.