fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටි 7ක චෙක්පත් වංචා කළ පළාත් සභා මන්ත්‍රී අධිකරණයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 10:11

කෝටි 7ක චෙක්පත් වංචා කළ පළාත් සභා මන්ත්‍රී අධිකරණයට

රුපියල් කෝටි 07 ක චෙක් පත් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ෂන්මුගනාදන් කුහවර්දන් අද දිනයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කුහවර්දන් මහතා නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සියලු තනතුරුවලින් සහ වගකීම් වලින් ඉවත් කළ බව එම පක්ෂයේ නායක  අමාත්‍ය මනෝ ගනේෂන් මහතා නිවේදනය කරනවා.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුයි. එම දෙපාර්තමේන්තුවට මන්ත්‍රීවරයා කැදවාගෙන ඒමෙන් අනතුරුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කළා. අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගැනුනේ. කුහවර්දන් මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුනේ උප සභාපතිවරයා ලෙස ද කටයුතු කළා. කොළඹ මහනගර සභාව සදහා ද පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔහු ඉදිරිපත් වුණේ එම පෙරමුණ නියෝජනය කරමින්.  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ දේශපාලන නියෝජිතයින් ලබන සතියේ රැස්වී ඔහු සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්