Life+News The Official News Portal of Independent Television Network Ltd

තිරුක්කෝවිල් හමුදා කදවුර ඉවත් නොකරන ලෙස ඉල්ලා ජනතාව උද්ඝෝෂණයේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 10:15

තිරුක්කෝවිල් හමුදා කදවුර ඉවත් නොකරන ලෙස ඉල්ලා ජනතාව උද්ඝෝෂණයේ

තිරුක්කෝවිල් ප්‍රදේශයේ පිහිටා ඇති හමුදා කදවුරු ඉවත් නොකරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් ඔවුන් විරෝධතාවක්ද පැවැත්වුවා.

තිරුක්කෝවිල් හමුදා කදවුර ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එම කදවුර ඉදිරිපිටදීයී උද්ඝෝෂණය පැවැත්වුණේ. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එම විරෝධතාවට එක්ව සිටියා.  හමුදා කදවුර පිහිටුවා ඇති බැවින් ප්‍රදේශයේ අපරාධ අවම වී ඇති බවයි තිරුක්කෝවිල් ජනතාව පෙන්වා දුන්නේ. විශේෂයෙන් මත්ද්‍රව්‍ය  භාවිත කරන්නන්ගේ තර්ජන අවම වී තිබෙනවා. එසේම ආපදා අවස්ථාවකදී ජනතාව මුදාගැනීමේ මෙහෙයුම්වලටද දායක වෙමින් හමුදාව ජනතාවට සේවය කරන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. තිරුක්කෝවිල් යුද හමුදා කදවුර ඉවත් කිරීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු මූලිකව කටයුතු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. තිරුක්කෝවිල් හමදා කදවුර ඉවත් නොකරන ලෙස ඉල්ලමින්   එම කදවුරේ ප්‍රධානීන් වෙත සංදේශයක් භාරදීමටද  ප්‍රදේශවාසීන් කටයුතු කළා.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 27, 2018 10:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්