උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මි.මී 100 කපමණ තදවැසිද බස්නාහිර පළාතේත් යාපනය සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.මධ්‍යම, සබරගමුවසහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මඩකළපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මිගමුව සිට කොළඹ හරහා බලපිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහාකොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල සුළංඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ. මෙම මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කී.මී.50 දක්වා ඉහල යාහැකි බැවින් විටින් විට තරමක් රළු වීමේ හැකියාව ඇත.දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිටනැගෙනහිර දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-30 පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.