ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි රජයේ ගොඩනැගිල්ලකට නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඇතුළු වී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එරට පොදු කටයුතු පිළිබද අමාත්‍යංශයටයි තුවක්කුකරුවන් ඇතුළු වී වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙන්නේ. එම ගොඩනැගිල්ල ඉදිරිපිට කාර් බෝම්බයක් ද පුපුරුවා හැර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් එම ගොඩනැගිල්ලේ සෑම මහලකටම ගොස් වෙඩි තබා ඇති බවද සදහන්. පැය 7කට ආසන්න කාලයක් හමුදා අංශ සහ තුවක්කුකරුවන් අතර වෙඩි හුවමාරුව සිදුවුණා. එහිදී පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
තුවක්කුකරුවන් තුන්දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයෙකුද ජිවිතක්ෂයට පත්වුණා.