අන්තර් ක්රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමග පැවති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට හැව්ලොක් ක්රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා.
කොළඹ පොලිස් ක්රීඩා පිටියේපැවති තරගයේ මුල සිටම කණ්ඩායම් දෙකම කරට කර තරග රටාවක නිරත වුණා.
මේ අනුව පළමු අර්ධය නිමා වන විට ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලකුණු 22 ක් ලබා ගනිද්දී හැව්ලොක් රග්බි කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 21 ක් පමණයි.
දෙවන අර්ධය සියතට ගත් හැව්ලොක් ක්රීඩකයින් ගුවන් හමුදා ක්රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කළා.
මේ අනුව තරගය නිමා වන විට ගුවන් හමුදා කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 25 ක් පමණයි.
ඒ වන විට හැව්ලොක් කණ්ඩායම ලකුණු 31 ක් ලබාගනිමින් තරගයේ ජයග්රහණය වාර්තා කළා.