ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති මන්දිරයේදී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප්රතිසංවිධාන කටයුතු පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා. පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේ. සියලුම ආසන සංවිධායකවරුන්ගේ දායකත්වය සහ කැපවීම ඒ සදහා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා අවධාරණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සදහා සූදානම් කිරීමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන එස් බී දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මෙම හමුවෙන් අනතුරුව හිටපු අමාත්‍යවරුන් මෙසේ අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/pX5vPQr72xw”]