fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසිරිමත් නත්තල පිළිගන්න රටම සූදානමින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 11:45

අසිරිමත් නත්තල පිළිගන්න රටම සූදානමින්

ජේසු බිළිඳානන්ගේ උපත සැමරෙන අසිරිමත් නත්තල උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ලෝවාසී කිතුණු බැතිමතුන් සමඟ එක්ව නත්තල සැමරීමට ශ්‍රී ලාංකික කිතුණු බැතුමතුන් ද සූදානම්ව සිටිනවා.

කිතුනු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියෙන් උදාවනවා. නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍රවී තිබෙනවා. සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරුවන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම, පරිත්‍යාගය, අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවිඩයත් ගැබ්ව තිබෙනවා. අසිරිමත් නත්තල සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් දිවයින පුරා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්