මිස්ටර් ශ්රී ලංකා ජාතික කායවර්ධන ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට යුද හමුදාව නියෝජනය කළ ඒ එස් සම්පත් සමත් වුණා.
මෙවර ජාතික කායවර්ධන ශූරතාවලිය පැවැත්වුණේ හොරණ ශ්රීපාලි රගහලේදී. ඊට ත්රිවිධ හමුදාව හා ක්රීඩා සමාජ නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් රැසක් එක්ව සිටියා. වයස අවුරුදු පනහට වැඩි ක්රීඩකයින් සදහා ප්රදර්ශන තරගයක්ද එහිදී පැවැත්වුණා. තරගාවලියේ ප්රථම ස්ථානය දිනා ගැනීමට යුද හමුදාව නියෝජනය කළ ඒ එස් සම්පත් සමත් වුණා. යුද හමුදාව නියෝජනය කළ වයි ජී අමිල දෙවන ස්ථානය දිනා ගනිද්දී නාවික හමුදාව නියෝජනය කළ ඩී පී දයාස් තුන්වන ස්ථානය දිනා ගත්තා.