fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුනාමියෙන් පීඩාවට පත් ජනතාව ගැන සොයන්න ඉන්දුනීසියා ජනාධිපති සංචාරයක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 13:31

සුනාමියෙන් පීඩාවට පත් ජනතාව ගැන සොයන්න ඉන්දුනීසියා ජනාධිපති  සංචාරයක

ඉන්දුනීසියාවේ සුනාමි ව්‍යසනයෙන් පීඩාවට ජනතාව ගැන සොයා බලමින් එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝ ප්‍රදේශ කිහිපයක  සංචාරයේ නිරත වුණා.

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව දෙසිය අසූ එක දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1016ක් බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඒ පිළිබද කිසිදු පූර්ව අනතුරු ඇගවීමක් සිදු කිරීමට බලධාරීන්ට හැකි වී නැහැ. තවදුරටත් පවතින සුනාමි අවධානම හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශවලින් ඈත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකක ජනතාවට දැනුම් දී තිබෙනවා. අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්