Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් අවතැන් වූවන්ට රජයෙන් කඩිනම් සහන

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 12:20

අයහපත් කාලගුණයෙන් අවතැන් වූවන්ට රජයෙන් කඩිනම් සහන

උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් හැට දහස් තුන්සිය හතලිස් පස් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා. ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමේ කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක බවයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි,

උතුරු පලාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වවුනියාව කිඩවරාන්කුලම වැවේ වාන්  දොරටු තුනක් විවෘත කර තිබෙනවා. ප්‍රදේශයේ සියලුම වැව් පිටාර ගලමින් පවතින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර ජල ගැලීම නිසා අවතැන්ව සිටින ජනාතාවට පිසූ ආහාර සහ සෙසු පහසුක්ම සැලසීමට රජය උපරිම පියවර ගෙන තිබෙනවා. කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාල සහ රාජ්‍ය ආයතන මෙන්ම, ආරක්ෂක අංශ ද ඒ සදහා එක්ව සිටිනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට අද දිනයේද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි.

අතුල කරුණානායක – වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්  – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 12:20
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්