fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උත්සව සමයේ පාරිභෝගිකයන් ගසාකන වෙළදුන් සොයා වැටලීම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 09:29

උත්සව සමයේ පාරිභෝගිකයන් ගසාකන වෙළදුන් සොයා වැටලීම්

පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මකයි. ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිකළ වෙළෙදුන් දෙදහසකට වැඩි සංඛ්‍යාවකට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නඩු පවරා තිබෙනවා.

නත්තල් හා අලුත් අවුරුදු සමය වෙනුවෙන් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ දිවයිනම ආවරණය වන පරිදී වැටලීම් ක්‍රියාත්මකයි. එහිදී ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවිකළ වෙලෙදුන් 2175 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු  පිළිබද අධිකාරිය පියවර ගත්තා. තොග අවසන් කිරීමේ මුවාවෙන් ඇතැම් ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන්නන් පිළිබද අවධානයෙන් පසුවන ලෙස ද එම අධිකාරිය දැනුම් දෙනවා.

මේ අතර උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයින්ට හොද සේවාවක් ලබා දීම අරමුණ බවයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ.

පරිභෝජනයට නුසුදුසු ආහාර පාන සම්බන්ධයෙන් 071 31 30 345 / 078 87 14 726 යන දුරකතන අංකවලට හෝ 1977 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු කළුතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්