fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපේක්ෂා රෝහලේ ඖෂධ ගැටළුවට විසදුම්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 08:38

අපේක්ෂා රෝහලේ ඖෂධ ගැටළුවට විසදුම්

මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය සියලු ඖෂධ අද දිනයේදී ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා. ඒ සඳහා අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා.

ඉන් පිළිකා ඖෂධයක අපේක්ෂිත ඇණවුමෙන් හදිසි තොගයක් ගුවනින් ගෙන්වා ගැනීමයි සැළැස්ම. පිළිකා ඖෂධ කඩිනමින් ලබාදීමට අපොහොසත් වන සැපයුම්කරුවන් අසාදු ගතකරන ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර රජයේ රෝහල්වලට ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිළදී ගැනිමට රුපියල් බිලියන දෙකක මුදලක් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟතාව පළකර තිබෙනවා. ඇතැම් රෝහල්වල පවතින ඖෂධ හිඟකම ඉදිරි සති කිහිපය ඇතුළත අවසන් කිරිමට හැකිවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 24, 2018 08:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්