උදා වන නත්තලේ ප්‍රීතිය දරුවන් සමග බෙදා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා.
නුවරඑළිය ප්‍රදේශයට ගිය අග්‍රාමාත්‍යවරයා පේන්ටර් ළමා නිවාසයේ කුඩා දරුවන් සමග නත්තල සැමරීමට එක් වුණා. එම ළමා නිවාසයේ සිටින දරුවන්ගේ සුවදුක් විමසූ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා පිළිබදවද සොයා බැලුවා. දරුවන් වෙත සංග්‍රහ කිරීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. නත්තල වෙනුවෙන් එම ළමා නිවාසයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් කැරොල් ගී ප්රසංගයක්ද පැවැත්වුණා. එය නැරඹීමටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා.