fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව අග්නි හතර මිසයලය අත්හදා බලයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 15:43

ඉන්දියාව අග්නි හතර මිසයලය අත්හදා බලයි

න්‍යෂ්ටික අවි ගෙන යා හැකි අග්නි හතර මිසයලය ඉන්දියාව අද සාර්ථකව අත්හදා බැලුවා.

අග්නි හතර මිසයිලයේ හත් වන අත්හදා බැලීම මෙය වනවා. මීට පෙර මෙම වසරේ ජනවාරි දෙනවදාද අග්නි හතර මිසයිලයේ එක් අත්හදා බැලීමක් සිදු කළා. දිගුදුර බැලැස්ටික් මිසයිලයක් වන මෙයට කිලෝමීටර හාරදහසක පමණ දුරකට විහිද යා හැකියි. එය ඉන්දියාවේ අබ්දුල් කලාම් දිවයිනේ සිට අද උදෑසන සාර්ථකව අත්හදා බැලූ බවයි ඉන්දීය වාර්තා සදහන් කරන්නේ. මෙම මිසයිලය මීටර් විස්සක් වන අතර බර ටොන් දාහතක්.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo