fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ළාබාල තරුණයෙක් එක්ක විවාහයට සූදානම් වන මවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 16:25

ළාබාල තරුණයෙක් එක්ක විවාහයට සූදානම් වන මවක්

සුෂ්මිතා සෙන් කියන්නේ ඉන්දීය සිනමාව තුළ නොමැකෙන නමක්. ඇය මේ වන විට 18 හැවිරිදි සහ 8 හැවිරිදි වියේ පසුවන හදාගන්නා දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඇය සිය දරුවන් හදාවඩා ගන්නා අයුරු ද කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වූවක්.

1994 වසරේ මිස් යුනිවර්ස් කිරුළු පැළඳී සුෂ්මිතා සෙන් බොලිවුඩ් සිනමාවට පිවිසියේ 1996 වසරේ මහේෂ් භාත් අධ්‍යක්ෂණය කළ Dastak චිත්‍රපටයෙන්. ඇයගේ පෞරුෂය, නිහතමානී බව, ධනාත්මක චරිත ස්වභාවය බොහෝ දෙනාගේ සිත් දිනා ගන්නට සමත් විශේෂ හේතුන්.

හින්දි සිනමා නිර්මාණ රැසකට සිය රංගනය මුසු කළ ඇයගේ රංගනයක් 2010 වසරේ No Problem චිත්‍රපටයෙන් පසුව දැකගන්නට ලැබුණේ 2015 වසරේ තිරගත කෙරුණු බෙංගාලි චිත්‍රපටයක් වූ Nirbaak සමඟින්.

පසුගිය කාලයේ ඇය පිළිබඳ වැඩි කතාබහක් නොවුණත් දැන් නම් ඇය ගැන ලැබෙන්නේ අලුත් ආරංචියක්. එනම් ඇය පෙම්වතියක් බවයි. මේ වන විට 42 හැවිරිදි වියේ පසුවන ඇයගේ පෙම්වතා නිරූපණ ශිල්පියෙක් වන රෝමන් ශවාල් බව දැන් කවුරුත් දන්නා දෙයක්. පසුගිය කාලයේ සුෂ්මිතා උත්සව අවස්ථාවලට සහභාගි වූයේත් සිය ළාබාල පෙම්වතා රෝමන් සමඟින්. දෙදෙනාගේ ළඟම හිතවතුන් පවසන්නේ සුෂ්මිතා – රොමන් විවාහයත්  ළඟදීම සිදුකෙරෙනු ඇති බවයි.

ප්‍රියංකා නික් විවාහය ආන්දොලනයට පත් වූයේ ඔවුන් අතර පැවති වයස් පරතරයයි. සුෂ්මිතා – රොමන් විවාහයත් මෙම වයස් පරතරය නිසාම රසිකයන්ගේ අවධානයට යොමු වනු ඇත.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්