fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වතුකරයේ සංවර්ධනය යළි අරඹන බව ඇමති දිගම්බරම් කියයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 14:24

වතුකරයේ සංවර්ධනය යළි අරඹන බව ඇමති දිගම්බරම් කියයි

පැවති දේශපාලන අර්බුදයත් සමඟ අඩාල වූ වතුකරයේ සංවර්ධනය යළිත් ආරම්භ කරන බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසනවා.

කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා වතු සංවර්ධන අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් පසු අමාත්‍යවරයා පිළිගැනීම සදහා සංවිධාන කළ උත්සවයකට එක්වෙමින් මේ බව සදහන් කළා. ලබන වසරේ මුල සිට වතුකරයේ සංවර්ධන කටයුතු නව ජවයකින් ආරම්භ කරන බවයි පලනි දිගම්බරන් මහතා කියා සිටියේ. වතු නිවාස යෝජනා ක්‍රමය අඛණ්ඩව ඉදිරියටත් ගෙන යන බව ඒ මහතා අවධාරණය කළා. කම්කරු ජාතික පෙරමුණ නියෝජනය කරන පිරිසකුයි අමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය සංවිධාන කර තිබුණේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 14:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo