උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.නැගෙනහිර සහ උතුරු-මැදපළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන්සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේ ඇතැම්ස්ථානවලට විශේෂයෙන්ම, මධ්‍යමසහ සබරගමුව පළාත්වලත් වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයකවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මුලතිවු සිට කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහාකොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 30-40 පමණ වේ.දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිටනැගෙනහිර දක්වා දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 15-30 පමණ වේ.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.