fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා දළඹුවා මර්දනයට විශේෂ කණ්ඩායමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 09:19

සේනා දළඹුවා මර්දනයට විශේෂ කණ්ඩායමක්

සේනා දළඹුවා මර්දනයට මේ වනවිට විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සඳහා ව්‍යාපෘති කිහිපයක් අත්හදා බලමින් සිටින බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ ආර් සුබසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

සේනා දළඹු විශේෂය 2016 වසරේදී අපි‍්‍රකාවේ නයිජීරියාවෙන් සොයාගනු ලැබුවා. එය මේ වනවිට රටවල් 44 කට ව්‍යාප්තවී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී‍්‍ර ලංකාවේ මෙම දළඹු විශේෂ මුල්වරට අම්පාර ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මේ වනවිට අනුරාධපුර, මොණරාගල, කුරුණෑගල ඇතුලු දිස්ති‍්‍රක් කිහිපයක එය ව්‍යාප්තව ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. බඩඉරිගු, උක්, වී, රටකජු ඇතුලු බෝග වර්ග කිහිපයකට මෙම දළඹු විශේෂයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 23, 2018 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්