fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සා/පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු හෙට ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 17:01

සා/පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු හෙට ඇරඹෙයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු හෙට (23) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. අදියර දෙකක් යටතේ එම කටයුතු සිදුකිරිමයි සැළැස්ම. පළමු අදියර භෙට සිට ජනවාරි පළමු වනදා දක්වා ක‍්‍රියාත්මක කෙරෙනවා.

දෙවන අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු ජනවාරි අට වනදා සිට 17 වනදා දක්වා සිදුකරන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ අතර අධ්‍යන පොදු සහතික පත උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඑල මේ මස අවසන් වනවිට නිකුත් කිරිමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප‍්‍රකාශ කළා. මෙවර උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2268කදී පැවැත්වුණා. පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ විසි එක් දහස් හාරසිය හැට නවයක්.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 22, 2018 17:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්